අවුරුද්දත් කිට්ටු කිට්ටු
අවුරුද්දත් කිට්ටු කිට්ටු
එරබදු මල් පොට්ටු පොට්ටු
තම්බිගේ රෙදි මුට්ටු මුට්ටු
ගත්තේ කවුද නොකර හෙට්ටු
අවුරුද්දත් කිට්ටු කිට්ටු
එරබදු මල් පොට්ටු පොට්ටු
තම්බිගේ රෙදි මුට්ටු මුට්ටු
ගත්තේ කවුද නොකර හෙට්ටු
තේක්ක නැන්දේ තේක්ක නැන්දේ
තේක්ක මාමා කෝයි
අටුවෙන් වැටිලා කොන්ද කැඩිලා
කුල්ලෙන් වහලා දොයි
රේල් පාරේ මං යනකොට
කඩල බදිනවා
කඩල ටිකක් ඉල්ලනකොට
දෙමළි රවනවා
රන්මල් තරිකිට තා
රිදිමල් තරිකිට තා
රන්මල් රිදි මල් පූජා කරන්ට
දොංකිට තරිකිට තරිකිට තා
දොංකිට තරිකිට තරිකිට තා
කැත්තක් අරගෙන වත්තට යන කොට
පෙත්තෙක් ඉදගෙන කජු කනවා
පුංචි පැටව් මූදු යන්න නැවක් හඳනවා
තක දෙං නැවක් හඳනවා
මොනරුන් දෙන්නෙක් පිල් විදහාගෙන
ඉර සේවය කරතෙයි
ඉදන් බිම ඉර සේවය කරතෙයි
කපුටන් දෙන්නෙක් ඒක බලාගෙන
කාක් කාක් කියතෙයි
ඉදන් උඩ කාක් කාක් කියතෙයි
නවතම ප්රතිචාර